පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මහජනතාව මුළා කර මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මූල්‍ය ආයතනය ප්‍රවර්ධනය කිරීම, කළමනාකරණය කිරීම සහ ඊට අදාළ මූල්‍ය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලට අනුව, ඊයේ (03) දින මීගමුව ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 45 සහ 59 යන වයස්වල පසුවන තිඹිරිගස්කටුව සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
AI illustration; not a photograph of the reported event.
