එක්සත් රාජධානිය සිය ආගමන ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනස්කම් රැසක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ යටතේ විදේශීය සේවකයින්ට සහ සංක්‍රමණිකයින්ට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා මෙතෙක් පැවති වසර පහක කාලය වසර 10ක් දක්වා දීර්ඝ කර තිබේ.
මෙම නව ‘ඉපැයීම් මත පදනම් වූ පදිංචි කිරීමේ ප්‍රතිපත්තිය’ (Earned Settlement Policy) ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද් විසින් පාර්ලිමේන්තුවේදී හඳුන්වා දී ඇති අතර, 2027 වසරේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව ප්‍රතිසංස්කරණ යටතේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා අයදුම්කරුවන්ගේ ආදායම, රැකියාව, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව, ආගමන නීතිවලට අනුකූලතාව සහ රටට ලබාදෙන දායකත්වය දැඩි ලෙස සැලකිල්ලට ගැනීමට නියමිතය.
ඒ අනුව වාර්ෂික ආදායම පවුම් 50,000ට අඩු බොහෝ සංක්‍රමණිකයින් සඳහා සාමාන්‍ය සුදුසුකම් කාලය වසර 10ක් වන අතර, ඉහළ වැටුප් ලබන්නන් සහ වෛද්‍යවරුන් මෙන්ම ගුරුවරුන් වැනි රාජ්‍ය සේවා සේවකයින් සඳහා වසර 5ක කාලයක් හිමිවේ.
එමෙන්ම, වාර්ෂිකව පවුම් 125,000කට වැඩි ආදායමක් ලබන ඉහළ කුසලතා සහිත සංක්‍රමණිකයින්ට වසර 3ක කාලයක් තුළ ස්ථිර පදිංචිය සඳහා හිමිකම් ලැබෙනු ඇත.
මෙම නව නීති හේතුවෙන් දැනට එරට ජීවත් වන සහ සේවය කරන ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 500,000කට වැඩි පිරිසකට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා වැඩි කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
