ඉන්දීය ක්‍රිකට් තරුව විරාත් කෝලි සිය ක්‍රීඩා විලාසය මෙන්ම විනෝදකාමී හැසිරීම් රටාවන් නිසා නිතරම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගන්නා ක්‍රීඩකයෙකි. මෑතකදී ඕක්ලන්ඩ්හිදී පැවති ඉන්දු-නවසීලන්ත එක්දින තරගයේදී ඔහු විසින් නවසීලන්ත පිතිකරු ග්ලෙන් ෆිලිප්ස් වෙත සිදුකළ විහිළුවක් මේ වන විට අන්තර්ජාලය තුළ වේගයෙන් පැතිර යමින් පවතී.
තරගයේ 15 වැනි පන්දුවාරයේදී ග්ලෙන් ෆිලිප්ස් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසෙද්දී, පසුබිමින් ලොව ප්‍රකට WWE මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනාගේ සුප්‍රසිද්ධ පිවිසුම් ගීතය වාදනය විය. එම අවස්ථාවේදී කෝලි, ෆිලිප්ස් දෙස බලමින් ජෝන් සීනාගේ අත්සනක් බඳු ‘You Can’t See Me’ සංඥාව අනුකරණය කරමින් විහිළු කිරීමට පියවර ගත්තේය.
මෙම සිදුවීම කැමරා කාචයේ සටහන්ව තිබූ අතර, පසුව එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත එක්වීමත් සමඟ ක්‍රිකට් රසිකයන් අතර එය දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය. නවසීලන්ත ක්‍රීඩාංගණවලදී ෆිලිප්ස් පිටියට පිවිසෙන සෑම අවස්ථාවකදීම මෙම සංගීත ඛණ්ඩය වාදනය කිරීම විශේෂත්වයකි.
මේ අතර, මෙම තරගයේදී විරාත් කෝලි සිය පිතිහරඹයෙන් ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය. පන්දු 51කදී ලකුණු 74ක් රැස් කළ ඔහු, දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලදී එක්දින තරගවලදී ලකුණු 50කට වැඩි සාමාන්‍යයක් පවත්වාගෙන ගිය පළමු පිතිකරුවා ලෙස වාර්තා පොතට එක්වූ අතර, ඉන්දියාව තරගය ජයග්‍රහණය කිරීමට ද එය මහත් පිටුවහලක් විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර