මධ්‍යම සංස්කෘතික අරමුදලේ වයඹ ව්‍යාපෘතිය යටතේ යාපහුව රාජධානිය සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය අදියර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 20,000කට අධික මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ. යාපහුව මධ්‍යම සංස්කෘතික අරමුදල් කාර්යාල පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව තොරතුරු අනාවරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතියට සමගාමීව වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් සංචාරක කර්මාන්තය නංවාලීමේ වැඩසටහන් රැසක් ද දියත් කිරීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර