අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී බස් රථ තුනක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර, ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ඩී.එල්. සමරසිංහ මහත්මිය මිහින්තලය පොලිසියට නියෝග කර ඇත.
අධිකරණයට ඉදිරිපත් කළ බී (B) වාර්තාවක් සැලකිල්ලට ගනිමින්, මහෙස්ත්‍රාත්වරිය විසින් අනතුර සිදුවූ ස්ථානය සහ අනතුරට ලක්වූ බස් රථ තුන පෞද්ගලිකව නිරීක්ෂණය කිරීමට පියවර ගත්තාය. අනතුරුව, මෝටර් රථ පරීක්ෂකවරයා ලවා එම බස් රථ සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ පවත්වා වාර්තා ලබාගන්නා ලෙසත් ඇය පොලිසියට උපදෙස් දුන්නාය.
මීට අමතරව, අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ පරීක්ෂා කළ මහෙස්ත්‍රාත්වරිය, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර එම වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය. පරීක්ෂණ අවසානයේ මෘතදේහ ඥාතීන්ට භාරදීමට ද පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.
A9 මාර්ගයේදී සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 71 දෙනෙකු තුවාල ලැබූහ. මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ලංගම බස් රථයක් තවත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය පැදවීම ඊට හේතු වී ඇති බවට සැක කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර