හිටපු සමූපකාර කොමසාරිස්වරයෙකු වූ සුනිල් සෙනෙවිරත්න මහතා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේදී අභාවප්‍රාප්ත වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පවතින නඩු විභාගයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇත.

ඊයේ (11) රාත්‍රියේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version