ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් පවත්වනු ලැබූ විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසුන් 501 දෙනෙකු වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
වැවිලි ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කළ වෘත්තිකයන් ඇගයීම ද මෙහිදී සිදු කෙරුණු අතර, ක්ෂේත්රයේ නියුතු පිරිසගේ වෘත්තීය තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළ නැංවීම මෙම පුහුණු වැඩසටහන්වල මූලික අරමුණ වී තිබේ.
රටේ ආර්ථිකයට දායක වන ඵලදායී ශ්‍රම බලකායක් බිහි කිරීම සහ වැවිලි ක්ෂේත්රයට නවීන කළමනාකරණ දැනුම හඳුන්වා දෙමින් තිරසර සංවර්ධනයක් උදා කිරීම ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ ප්‍රධාන කාර්යභාරයයි.
මෙම උත්සව අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති කේ. ජී. ලිලානන්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර