2026 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පත්වල සඳහන් කර ඇති ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කෙරේ.
මීට අමතරව, විභාග ආරම්භ වීමට දින 07කට පෙර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමේ පහසුකම ද සලසා ඇත.
මෙම විභාග කටයුතු සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ විමසීමක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ 0112785922, 0112784537, 0112786616 හෝ 0112784208 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර