වයඹ පළාතේ සත් කෝරළයේ කලාත්මක උරුමය යළි පුබුදුවාලීම සහ සංස්කෘතික වශයෙන් සවිබල ගැන්වූ සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ අධ්‍යාපනික සහ සංස්කෘතික ප්‍රදර්ශනය පසුගියදා වයඹ ජනකලා මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි.
වයඹ ජනකලා පදනම සහ සියපත කලා සංගමය එක්ව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 12 වන දින සිට 18 වන දින දක්වා පැවැත්වේ. උත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, ආර්ථික සංවර්ධනයට පමණක් සීමා නොවී මිනිසුන්ගේ ජීවිත සතුටින් හා අර්ථවත් කර ගැනීමට කලාව සහ සංස්කෘතිය අත්‍යවශ්‍ය බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, වෙනස් වන ලෝකයේ අභියෝගවලට මුහුණ දීම සඳහා අපගේ අනන්‍යතාවය රැකගනිමින් විවෘත මනසකින් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. විවිධ සංස්කෘතීන් සහ පසුබිම්වලින් පැමිණෙන පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් ජීවිතය වඩාත් පුළුල් වන බවද ඇය පෙන්වා දුන්නාය.
මෙම උත්සවයේදී වයඹ පළාතේ කලා ක්ෂේත්රයට විශිෂ්ට දායකත්වයක් දැක්වූ ප්‍රවීණ කලාකරුවන් කිහිප දෙනෙකු අග්‍රාමාත්‍යවරිය විසින් ඇගයීමට ලක් කරන ලදී. තවද, ජනකලා පදනමේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය විවෘත කිරීමද මෙහිදී සිදු විය.
සැප්තැම්බර් 18 වන දින දක්වා උදෑසන 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහජනතාව සඳහා විවෘතව පවතින මෙම ප්‍රදර්ශනය තුළ චිත්‍රපට දර්ශන, වැඩමුළු සහ විවිධ කලා අංග රැසක් ඇතුළත් වේ. මෙම අවස්ථාව සඳහා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ විශාල පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර