ආබාධ සහිත දරුවන්ගේ ආර්ථික සහ සමාජීය ස්වාධීනත්වය තහවුරු කිරීම රජයේ ප්රමුඛ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් විවිධ හැකියාවන්ගෙන් යුත් දරුවන් එකට ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව ඇය සඳහන් කළාය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනම අධ්‍යාපනයක් ලැබිය යුතු පිරිසක් ලෙස නොසලකා, ඔවුන් සාමාන්‍ය දරුවන් සමඟ ඒකාබද්ධ කර ඉගැන්වීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. දැනටමත් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.
විශේෂ අධ්‍යාපන ඒකකවල ඉගැන්වීම් කටයුතු සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පුහුණුව ලැබූ ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති අතර, දැනට සේවයේ නියුතු ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීමට පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන් තුළ පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ තමන්ගෙන් පසු දරුවන්ගේ අනාගතය පිළිබඳව බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. එම නිසා, මෙම දරුවන්ට රැකියා අවස්ථා උදා කර දීම සඳහා ආයතන සමඟ සාකච්ඡා කරමින් ඔවුන් සඳහා නිශ්චිත කෝටාවක් වෙන් කිරීමට රජය බලාපොරොත්තු වේ.
එමෙන්ම, විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීම සහ විශ්වවිද්‍යාල නේවාසිකාගාර ආබාධිත සිසුන්ට පහසු වන පරිදි සකස් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර