ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ කැලණිය ආසන සමුළුව පසුගියදා කිරිබත්ගොඩදී පැවැත්විණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල, හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට කැලණිය, පෑලියගොඩ හා කිරිබත්ගොඩ ප්‍රදේශ නියෝජනය කරන විද්වතුන්, ව්‍යාපාරිකයන් සහ වෘත්තීයවේදීන් රැසක් සහභාගී වූ අතර, එහිදී නව නිලධාරී මණ්ඩලයක් ද පත් කරගනු ලැබීය.
සමුළුව අමතමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, රටේ අපේක්ෂිත සමාජ පරිවර්තනය උදෙසා ජාතික විද්වත් සංවිධානය විශාල දායකත්වයක් ලබාදුන් බවයි. වසර 76ක කාලයක් තුළ රට මුහුණ දුන් ආර්ථික හා දේශපාලනික පසුබෑමෙන් රට මුදාගෙන, සෑම අංශයකම සැබෑ වෙනසක් ඇති කිරීමට රජය කැපවී සිටින බවද ඒ මහතා අවධාරණය කළේය.
පසුගිය දෙවසර තුළ විමර්ශන ආයතන දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ස්වාධීන කිරීම, දූෂණ මර්දනය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම රජයේ ප්‍රධාන ජයග්‍රහණ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මීට අමතරව, අස්වැසුම ප්රතිලාභ සහ මහපොළ දීමනා ඇතුළු සහන වැඩසටහන් ඉහළ නැංවීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගනිමින් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත්, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය ද රටේ සංවර්ධනයට ලබාගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර