සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දරුවන් සහ තරුණ පරපුර මුහුණ දෙන විවිධ අවදානම්වලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන්, යුනිසෙෆ් (UNICEF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙම වැඩසටහන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ යටතේ දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම, ‘Safety by Design’ සංකල්පය හඳුන්වා දීම සහ නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම යන අංශ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී ඇත.
දැනටමත් ඩිජිටල් කාර්ය සාධක බලකාය විසින් යුනිසෙෆ් ආයතනයේ සහාය ඇතිව දරුවන් සඳහා වන මාර්ගගත ආරක්ෂණ මාර්ගෝපදේශ (Online Safety Guidelines) කෙටුම්පත සකස් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් එය කඩිනමින් පාසල් පද්ධතියට හඳුන්වා දීමට කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.
ඩිජිටල් වේදිකා නිර්මාණය කිරීමේදී දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව මුල සිටම තහවුරු කිරීමේ ‘Safety by Design’ සංකල්පය මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. තනි රටක් ලෙස පමණක් නොව, කලාපීය සහයෝගීතාවයකින් යුතුව ගෝලීය තාක්ෂණික සමාගම් සමඟ කටයුතු කිරීම වඩාත් ඵලදායී බව ද මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
මෙම කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස 2027 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේදී කලාපීය සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඊට පෙර අදාළ අමාත්‍යාංශ කිහිපයක් එක්ව විශේෂ වටමේස සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර