සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
සිය පුත්‍රයා මුහුණ දී ඇති මෙම අභියෝගාත්මක තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ දෙමාපියන්, ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා රජයේ කඩිනම් මැදිහත්වීමක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සිවරාසා අනෝජන් මහතාට සමාව ලබා ගැනීම සඳහා රජය උපරිම උත්සාහයක් දරමින් සිටින බවයි. ඒ සඳහා අවශ්‍ය නෛතික සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදු කරන බවත්, සෞදි රජුගෙන් සමාව ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ද දැඩි අවධානයෙන් පසුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ සිවරාසා අනෝජන් මහතාගේ පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර