මෙවර මහ කන්නය වෙනුවෙන් අවශ්‍ය වන සමස්ත පොහොර තොග ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. කන්නයට අදාළ පොහොර බෙදාහැරීමේ කටයුතු මේ වනවිටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි.
පසුගිය මාසයේ අවසන් භාගයේදී පොහොර රැගත් නෞකා තුනක් දිවයිනේ වරාය වෙත ළඟා වී ඇති බව එහි අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේය. ඉන් යුරියා මෙට්‍රික් ටොන් 98,700ක ප්‍රමාණයක් මේ වන විට ගොඩබෑමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
මීට අමතරව, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී තවත් යුරියා මෙට්‍රික් ටොන් 44,000ක් ආනයනය කිරීම සඳහා ඇණවුම් ලැබී ඇති බව ලේකම් කාර්යාලය පෙන්වා දෙයි. ඒ අනුව සමස්ත යුරියා තොගය මෙට්‍රික් ටොන් දෙලක්ෂ දහඅටදහසක මට්ටමක පවතියි.
ටී.එස්.පී. (TSP) සහ එස්.එස්.පී. (SSP) මඩපොහොර තොග මෙන්ම අවශ්‍ය බණ්ඩි පොහොර තොග ද මේ වන විටත් සූදානම් කර ඇත. මහ කන්නය සඳහා අවශ්‍ය වන බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 57,000ක ඉල්ලුමට එරෙහිව, දැනටමත් රට තුළ එම පොහොර මෙට්‍රික් ටොන් 57,500ක ප්‍රමාණයක් පවතින බව අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සියලු පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ වෙළඳසැල් හරහා ගොවීන්ට පහසුවෙන් ලබාගත හැකි වන පරිදි සකස් කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර