කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භෞතික ලෝකය තුළ මිනිසෙකු මෙන් ක්‍රියා කළ හැකි මට්ටමට ගෙන යාමේ අරමුණින් Meta සමාගම නව මානවරූපී රොබෝවක් නිර්මාණය කර ඇත. ‘Max’ ලෙස නම් කර ඇති මෙම රොබෝවරයා චීනයේ රොබෝ තාක්ෂණික සමාගමක් වන Fourier සමඟ ඒකාබද්ධව නිෂ්පාදනය කර තිබේ.
කිලෝග්‍රෑම් 48ක පමණ බරකින් සහ අඩි පහක පමණ උසකින් යුත් මෙම රොබෝට ඇඟිලි පහ සහිත දෑත්, ශබ්ද විකාශන යන්ත්‍ර සහ මුහුණේ ඉරියව් අනුකරණය කළ හැකි තිරයක් ඇතුළත් කර ඇත. මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ මෙහි මූලාකෘතිය සකස් කර ඇති බව වාර්තා වේ.
මිනිසුන් සමඟ සමීපව අන්තර් ක්‍රියා කිරීම සඳහා විශේෂාංග කිහිපයක් මෙහි අන්තර්ගතය. ඒ අනුව මීටර් පහක දුරක සිට හඬ හඳුනාගැනීම, මීටර් තුනක දුරක සිට අත් සංඥා හඳුනාගැනීම සහ පුද්ගලයන් සමඟ ඇස් සම්බන්ධතාව පවත්වා ගැනීමේ හැකියාව ඊට ඇතුළත් වේ.
මෙම ව්‍යාපෘතිය හරහා Meta සමාගම අපේක්ෂා කරන්නේ පරිගණක තිරයකට පමණක් සීමා නොවී, මිනිසුන් සමඟ සෘජුව කටයුතු කළ හැකි කෘත්‍රිම බුද්ධි සහායකයෙකු බිහි කිරීමයි. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම රොබෝව වාණිජ මට්ටමින් අලෙවි කිරීමේ අපේක්ෂාවක් නොමැති අතර, එය අභ්‍යන්තර පර්යේෂණ සහ අත්හදා බැලීම් සඳහා පමණක් සීමා කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර