මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියන්හි ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බේරුවල සහ පයාගල දුම්රිය ස්ථාන අතර පිහිටි මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම මෙම ප්‍රමාදයට හේතු වී ඇත.
පවතින තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, අදාළ අංශ විසින් අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබේ.
දුම්රිය මගීන්ට තම ගමන් වාර සැලසුම් කර ගැනීමේදී මෙම ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර