ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට එකඟතාවක් ඇති කරගෙන ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
තමන් විසින් නම් කරන ලද ‘Board of Peace’ මණ්ඩලය හරහා මෙම එකඟතාව අත්කර ගත් බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ සඳහන් කළේය. මෙය ඊශ්‍රායල-ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා වන ‘Trump 20-Point Plan’ හි ප්‍රධාන පියවරක් බව ඔහු පෙන්වා දෙයි.
මෙම සැලැස්ම අදියර කිහිපයකින් ක්‍රියාත්මක වීමට නියමිත අතර, නිරායුධකරණ ක්‍රියාවලියට සමගාමීව ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වනු ඇත. ඒ වෙනුවට ජාත්‍යන්තර ස්ථාවරකරණ බලකායක් සහ නව පලස්තීන පොලිස් බලකායක් මගින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට නියමිතය.
මෙම සාම ප්රයත්නය සඳහා ඊජිප්තුව, කටාර් සහ තුර්කිය ලබා දුන් සහයෝගය අමෙරිකානු ජනාධිපතිවරයා අගය කර තිබේ. ගාසා තීරයේ නව පලස්තීන රජයක් පිහිටුවීම සහ එමගින් පලස්තීන ජනතාවට සහාය වීම මෙන්ම ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම ගිවිසුමේ අරමුණයි.
මේ අතර, කයිරෝ නුවරදී පැවති සාකච්ඡාවලදී සාම සැලැස්ම සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් දක්නට ලැබුණද, යෝජිත කොන්දේසි ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායල නිලධාරීන් කිහිප දෙනෙකු අදහස් පළ කර ඇත. කෙසේ වෙතත්, කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තවමත් ජීවිත හානි වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර