2025 වසරේ පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ලියාපදිංචි කිරීමේ කටයුතු මේ සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 41,746ක් පාඨමාලා 130කට අධික සංඛ්‍යාවක් සඳහා තෝරාගෙන ඇත. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 281,810 දෙනාගෙන් 176,570ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට මූලික සුදුසුකම් ලබා තිබූ අතර, ඉන් 92,051 දෙනෙකු ප්‍රවේශය සඳහා අයදුම් කර තිබුණි.
නව අධ්‍යයන වර්ෂය සඳහා නව පාඨමාලා දෙකක් හඳුන්වා දීමට ද කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු පද්ධති අධ්‍යයන පාඨමාලාව සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව යන පාඨමාලා සඳහා සිසුන් 50 බැගින් බඳවා ගැනීමට නියමිතය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් අතරින් ජෛවීය විද්‍යා අංශයෙන් 9,915ක්, භෞතික විද්‍යා අංශයෙන් 7,268ක්, වාණිජ අංශයෙන් 8,061ක් සහ කලා අංශයෙන් 11,417ක් ලෙස සිසුන් ඇතුළත් කරගනු ලැබේ. මීට අමතරව ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය ඇතුළු අනෙකුත් විෂය ධාරාවන්ගෙන් ද සිසුන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර