Author: Editor

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉඩම සහ නිවාස යන දෙකම අහිමි වූ පුද්ගලයින්ට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ඉඩම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් සහ නිවසට ලක්ෂ 50ක් වශයෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ජනපතිවරයා මේ පිළිබඳ පවසා සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. එමෙන්ම නිවසක තහඩුවක් හෝ ගැලවී ඇත්නම් එම නිවාස සඳහා ලක්ෂ 10ක මුදලක් ලබා දෙනබවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා. ආපදාවට ගොදු වූ ප්‍රදේශයන්හි ජීවත්වන පුරවැසියන්ට තම නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25000ක මුදලක් රජයෙන් ලබාදෙන බවයි ජනපතිවරයා මෙහිදී පැවසුවේ. එම දීමනාව අද සහ හෙට යන දිනයන්වලදී ලබා දෙන…

Read More

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ට ඊයේ (4) අවස්ථාව උදාවුණා. ‘අළු බඳුන’ තරගාවලියේ බ්‍රිස්බේන්හිදී ආරම්භ වූ දෙවන තරගයේදීයි ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකර ගියේ. ස්ටාක් මෙම තරගයේ මේ වනවිට කඩුලු 4ක් බිඳහෙළා ඇති අතර, ඒ සමග ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 416ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුට ලොව මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්ව සිටි පාකිස්තානයේ වසීම් අක්‍රම් (කඩුලු 414) අභිබවා යෑමට සමත්වුණා. මෙම වාර්තාවේ තෙවන ස්ථානයේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස් (355), සිව්වන ස්ථානයේ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් (317) හා පස්වන ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් (313) පසුවෙනවා.…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමටයි. එම අමාත්‍යංශ විවාදයේ පිළිතුරු කතාව ජනාධිපතිවරයා විසින් කරනු ඇත. අයවැය යෝජනාවලියේ අවසන් වර ඡන්ද විමසීමද අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

Read More