Author: Editor

රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනක සවිකර තිබූ කේබල් සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොරකම් කරන ලද තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඊයේ මෙම සැකකරු රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) සවස් කාලයේ ඇතිවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට කටාන පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙකි. මියගිය තරුණයා අදාළ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළදී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව…

Read More

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (05) පස්වරු 6.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 214ක් අතුරුදන්ව ඇත. පවුල් 586,464කට අයත් පුද්ගලයින් 2,082,195ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 232ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 30ක්, පුත්තලමෙන් මරණ 30ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 81දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 35ක්, කෑගල්ල…

Read More

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්ශංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ‍ගෙන තිබේ. එම කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී නිතීවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 12,000ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 42 හැවිරිදි පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 97.87% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනූව ඉදිරි දින කිහිපය තුළ වර්ෂාවක් ඇති වුවහොත් ජලාශය සම්පූර්ණ ධාරිතාවයට ළඟා වනු ඇති. එබැවින් මහජනතාවට අවධානයෙන් සිටින ලෙසයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වන්නේ.

Read More

දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. අද (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය 24 තුළ මි.මී 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනය මඟින් දැනුම් දී තිබේ. රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ මහනුවර දිස්ත්‍රික්කය ගඟවට කෝරළය දෙල්තොටදොළුව තුම්පනේමැදදුම්බරමිනිපේ පාතහේවාහැටයටිනුවරගඟ ඉහළ කෝරළයඅකුරණඋඩුනුවර පන්විල පාතදුම්බර කුණ්ඩසාලේපස්බාගේ කෝරළයහතරලියද්ද උඩුදුම්බරපූජාපිටියහාරිස්පත්තුව උඩපළාත කෑගල්ල දිස්ත්‍රික්කය ගලිගමුවකෑගල්ලමාවනැල්ලරඹුක්කනදෙහිඕවිටවරකාපොළදැරණියගලබුලත්කොහුපිටිය රුවන්වැල්ලයටියන්තොට අරණායක කුරුණෑගල දිස්ත්‍රික්කය නාරම්මලමාවතගමමල්ලවපිටියඅලව්වරිදීගමපොල්ගහවෙල මාතලේ දිස්ත්‍රික්කය රත්තොටවිල්ගමුවඋකුවෙලපල්ලෙපොලමාතලේලග්ගල පල්ලේගමයටවත්තනාඋලඅඹන්ගඟ කෝරළය…

Read More

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලසීමාව දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මගී ජනතාවට නොවැම්බර් මස අවසන් වන වාර ප්‍රවේශපත්‍ර මගින් දෙසැම්බර් මස 07වන දින දක්වා ගමන් කිරීමේ පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. දෙසැම්බර් මාසයට අදාළ සියලුම වාර ප්‍රවේශපත්‍ර දෙසැම්බර් 14වන දින දක්වා නිකුත් කිරීම දීර්ඝ කර තිබේ. එමෙන්ම පාසල් වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලය පමණක් දෙසැම්බර් මස 19දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය ‍දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

බිඳවැටුණු රන්ටැඹේ – මහියංගන සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු එළඹෙන ඉරිදා (07) වනවිට යථා තත්ත්වයට පත්කොට එම ප්‍රදේශවලට විදුලි සබඳතාව ලබාදීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර තිබේ. දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් රන්ටැඹේ – මහියංගනය කිලෝ වෝල්ට් 132 සම්ප්‍රේෂණ පද්ධතියේ කුළුණක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර රැහැන්වලට ද බරපතළ හානි සිදු විය. මේ හේතුවෙන් මහියංගනය ප්‍රදේශයට මෙන්ම දිවයිනේ නැගෙනහිර පළාතට අයත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලට ද විදුලි සැපයුම බිඳ වැටුණි. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාකාරීවී කිලෝ වෝල්ට් 33ක තාවකාලික සම්බන්ධතාවයක් හරහා එම ප්‍රදේශයේ රෝහල්, ජල පොම්පාගාර වැනි අත්‍යාවශ්‍යය ස්ථානවලට විදුලිය ලබාදීමට කටයුතු කළේය. එමෙන්ම නිශ්චිත ප්‍රදේශයකට කඩින්කඩ පැය කිහිපය බැගින්…

Read More