මේ වසරේ ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බවය. පෙර පාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙළ අමාත්‍යංශයේ විෂය පථයත් සමග ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළාය.
Author: Editor
පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල දළ වශයෙන් 6%කින් පමණ ඉහළ ගොස් තිබේ. මෙය අප්‍රේල් මස මුලදී අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 6.79කින් හෙවත් සියයට 6.3කින් ඉහළ ගොස් ඩොලර් 114.96ක් ලෙස සටහන් විය. එමෙන්ම අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල ඩොලර් 4.23කින් හෙවත් සියයට 4.2කින් ඉහළ ගොස් ඩොලර් 106.17ක් දක්වා වැඩි වී තිබේ.
දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය යළි ආරම්භ කිරීමට කොළඹ ත්රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. මෙම නඩුව මීට පෙර විභාග කරන ලද්දේ නාමල් බලල්ලේ , මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය. නමුත් නාමල් බලල්ලේ විනිසුරුවරයා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩතහනමට ලක්වීම නිසාත්, මහේන් වීරමන් විනිසුරුවරයා විශ්‍රාම යාම නිසාත් මෙම නඩු විභාගය මාස ගණනාවක් අඩාල වී තිබුණි. මේ හේතුවෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. ඒ අනුව…
නොච්චියාගම, ඔයාමඩුව මාර්ගයේ රනෝරාව රක්ෂිත ප්‍රදේශයේ මාර්ගයට ආසන්නයේ පිළිස්සෙමින් තිබිය දී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. මෙම මෘත ශරීරය හඳුනාගත නොහැකි ආකාරයට පාදවල දණහිස් දක්වාම පිළිස්සී ඇති බව පොලීසිය පැවසීය. කෙසේවෙතත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම මළසිරුරෙහි දකුණු අතේ මැදගිල්ලේ මුදුවක් තිබී හමු වූ බවය. මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අලුත් අවුරුදු උත්සවයෙන් පසුව පාර්ලිමේන්තුව පළමුවරට අද (05) රැස්වීමට නියමිතව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද සිට ලබන 8 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ දී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් 4ක් අනුමත කර ගැනීමට නියමිතව තිබේ. හෙට දිනයේ දී බේරාගැනීම, පුනරුත්ථාපනය, වස්තු භංගත්ව පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා දිනයේ දී ජාතික ගමනාගමන කොමිශන් සභා පනත යටතේ නියෝග සහ මෝටර් වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. සිකුරාදා…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින්, එළඹෙන මැයි මස 06 වැනිදා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (05) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි දැක්වෙන්නේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්. උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට…
මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති ද්වී-පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර ද්වී-පාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව, ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පැවති මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් පසු මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූ අතර, මෙහිදී මාලදිවයින් ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක තම ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීම පිළිබඳව ඔහුට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 61ක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන මොහොමඩ් මුයිසුගේ ශ්‍රී ලංකා සංචාරය මගින් දෙරට අතර ශක්තිමත් හවුල්කාරිත්වය, විශ්වාසය සහ මිත්‍රත්වය පිළිබිඹු කෙරෙන බව…
හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. විදෙස් මාධ්‍ය නාලිකාවක් සමඟ පැවැති දුරකතන සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරාන සාකච්ඡාකරුවන් පෙරට වඩා නම්‍යශීලී වී ඇති බවය. මීට පෙරද ට්‍රම්ප් මෙවැනිම තර්ජන එල්ල කර තිබූ අතර පසුගිය මාසයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු කියා සිටියේ සම්පූර්ණ ශිෂ්ටාචාරයක් විනාශ වනු ඇති බවය. ටෙහෙරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු හමුදාව විසින් ඉරාන බෝට්ටු හතක් වෙඩි තබා බිම හෙළූ බව ජනාධිපතිවරයා සිය ටෘත් සෝෂල් වෙබ්…
කළුතර, බෝසිරිපුර ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ කාන්තාව හා ඇයගේ පියා අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පියා විසින් විසින් යකඩ පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. ඝාතනය සිදුකළ වයස අවුරුදු 63ක් වන සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබේ. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර උතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් ඇති අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
නීතිවිරෝධී කටයුතුවල නිරත වී සිටියදී අත්අඩංගුවට ගෙන වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා ගෙන සිටි චීන ජාතිකයන් 37දෙනෙකු මෙරටින් පිටුවහල් කර තිබේ. මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව මෙරට තුළ රැදී සිටිමින් නීතිවිරෝධී කටයුතුවල නිරත වී ඇත. පිටුවහල් කෙරුණු මෙම චීන ජාතිකයන් අතර කාන්තාවන් 6දෙනෙකුද සිටින බව වාර්තා වේ. ඔවුන් මෙරටින් රැගෙන යාම සදහා එරට ආරක්ෂක නිලධාරීන් 11දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ (04) රාත්‍රී 10.50ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන්, චීනයේ කුංමිං නුවර වෙත රැගෙන ගොස් ඇති බවද සඳහන්.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර