Author: Editor

දිසානායක මහතා 2024 සැප්තැම්බර් 23 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධුරයට පත් විය. ජනාධිපතිවරයා ලෙස සිය මංගල කතාවේ දී, රට වෙනස් වීමට කාලයක් ගත වන බව නැවත අවධාරණය කළද ජනවරම ලැයිස්තුගත කර ඇති කැපවීම් ඉටු කරන බවට ඔහු පොරොන්දු විය. නව රජයක් පිහිටුවීමට හැකිවන පරිදි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාව ගැනද ඔහු සඳහන් කළේය. දිසානායක තම ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ආනන්ද විජේපාල ද ඇතුළත් වූ ඔහුගේ අතුරු කැබිනට් මණ්ඩලයට සාමාජිකයන් පත් කළේ ය. ජනාධිපති ලේකම් ලෙස නන්දික සනත් කුමානායක, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස රවී සෙනෙවිරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස සම්පත් තුයකොන්ත. 2024 සැප්තැම්බර් 24 දින ඔහු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස හරිනි අමරසූරිය පත් කළේ ය. දිසානායකගේ මන්ත්‍රී ධුරය පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වීම…

Read More

නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එහිදී අද (24) ප.ව. 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය මෙම මස (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන් වෙයි. තවද, කොළඹ කොටුව – කන්කසන්තුරය නගර අතර දුම්රිය එළැඹෙන (25) සහ (28) යන දිනවල ධාවනයට සැලසුම් කර ඇත. මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09කින් සමන්විත බව සඳහන්ය.

Read More

ලිබියානු හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් අලි අහමඩ් අල්-හද්දාද් රැගත් පෞද්ගලික ගුවන් යානයක් තුර්කියේ අන්කාරා අගනුවරට නුදුරින් අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු යානයේ සිටි පිරිස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ අන්කාරා හි එසෙන්බෝගා (Esenboğa) ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් පසුවයි මෙම අනතුර සිදුව ඇත්තේ. හමුදා ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පස් දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ඇතුළු යානයේ සිටි අට දෙනාම මෙහිදී මියගොස් තිබෙනවා. මූලික විමර්ශනවලට අනුව මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොව, ගුවන් යානයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් (විද්‍යුත් දෝෂයක්) බව තුර්කි බලධාරීන් පවසනවා. ලිබියානු අගමැති අබ්දුල් හමිඩ් බෙයිබා (Abdul Hamid Dbeibah) මෙම පුවත තහවුරු කරමින් පවසා සිටියේ, මෙය සමස්ත ලිබියානු…

Read More

‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහි දී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම් – චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහි දී ද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා පැවසීය. චීන නියෝජිත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත Wang Junzheng මහතා ඊයේ (23) ජනාධිපති…

Read More

දික්ඕවිට වරායට රැගෙන ආ මෙරට බහුදින යාත්‍රාවේ උර 11ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදාව භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් 05 දෙනෙකු සමග ඉදිරි විමර්ශන කටයුතු සදහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවේ අද උදෑසනයි. මෙම යාත්‍රාව ගන්දර ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති බව ද අනාවරණය වනවා. යාත්‍රාවේ තිබී හමුවූ මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ විශ්වාසනීය නාමයක් දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව ඔවුන් දේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් සිය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත. එහිදී ඩුබායි සහ ඕමානය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික්ස් සමාගමක් වන Navire Logistics Services L.L.C හි 50%ක හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහය සමත්ව ඇත. මෙය ආයෝජනයක් පමණක් නොව, ශ්‍රී ලාංකීය ව්‍යාපාරික අනන්‍යතාවය ගෝලීය තලයට රැගෙන යාමේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස ද සැළකිය හැකිය. ශ්‍රී ලංකාව තුළ ඩේවිඩ් පීරිස් සමූහයේ ලොජිස්ටික් අංශය වන ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු ගබඩා පහසුකම්, ප්‍රවාහනය, නෞකා භාණ්ඩ…

Read More

උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. එහි සභාපති සජීව නන්දන කණකරත්න ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ මෙම බස් රථ සේවාව මේ මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි. මේ අතර, උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය අද සිට ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින්, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පළමු වරට පසුකර තිබෙනවා. ඒ අනුව අද උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල 4521 සීමාවට ආසන්න වී තිබුණා. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම අසාමාන්‍ය මිල ඉහළ යාමට ප්‍රධාන සාධක දෙකක් බලපා ඇති බවයි. ඒ අනුව, වෙනිසියුලාව ආශ්‍රිතව පවතින දැඩි භූ-දේශපාලනික උණුසුම සහ අමෙරිකාව විසින් එරට තෙල් නැව්වලට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇති වූ අස්ථාවරත්වයි.

Read More

නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට කඩාවැදුණු ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් නිසා මෙරට රැකියා නියුක්තිකයන් 374,000කට පමණ සිය ජීවනෝපාය අහිමි වී හෝ දැඩි බලපෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පවසනවා. බලපෑමට ලක්වූ රැකියා නියුක්තිකයන් නැවත රැකියා අවස්ථා නොලැබුණහොත් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 48ක (රුපියල් බිලියන 14කට අධික) ආදායමක් රටට අහිමි වීමේ අවදානමක් පවතින බවයි එම සංවිධානය සඳහන් කරන්නේ. මෙම ව්‍යසනය හේතුවෙන් රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16ක් පමණ අවදානමට ලක්ව ඇති බවටයි එම සංවිධානය ගණන් බලා ඇත්තේ. මධ්‍යම කඳුකරයට බලපෑ නාය යෑම් හේතුවෙන් තේ නිෂ්පාදනය සියයට 35කින් පමණ පහත වැටිය හැකි…

Read More

මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව Google Map A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read More