Browsing: ලංකා ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට නවීන තාක්ෂණය සහ ඩිජිටල් ක්‍රමවේද ඒකාබද්ධ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි.

කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සමගාමීව සංවිධානය කෙරුණු විශේෂ රථ පෙළපාලියක් ගාලුමුවදොර පිටියෙන් ආරම්භ විය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගොනුකර තිබූ රථවාහන අනතුරකට අදාළ නඩුවක විභාගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ නගරයේ පැරණිතම පෙරහැර මංගල්‍යයක් වන කොල්ලුපිටිය වාලුකාරාම වාර්ෂික ඇසළ පෙරහැර අද පස්වරුවේ වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍යවරුන් දෙපළක් කොළඹ අගරදගුරු හිමිපාණන් හමුවී කරුණු පැහැදිලි කර තිබේ.

පසුගිය ජූලි මස දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා නවෝත්පාදනය සහ තාක්ෂණය අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍යවරයා පවසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කරමින් 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.