Browsing: ලංකා ව්‍යාපාර

රන් ආලේපිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර ගොනු කර තිබේ.

තේ, රබර් සහ පොල් පාලන මණ්ඩල පනත උල්ලංඝනය කරමින් ඉඩම් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘කොණ්ඩ රංජි’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කර ඇති අතර, නඩු තීන්දුව සැප්තැම්බර් 22 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඇට්ලස් ඒන්ජල්-II 2026 ඒකාබද්ධ අභ්‍යාසයට සමගාමීව ඇමරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයක නිරත විය.

ග්‍රෑන්ඩ්පාස්, සාලමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මොරටුව සහ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තරුණ තරුණියන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ආරම්භ විය.

පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 5ක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.