Browsing: ශ්‍රී ලංකාව

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් නව අතරමැදි ශ්‍රේණියක් හඳුන්වා දීමේ යෝජනාව අධ්‍යයනය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

කිර්ගිස්ථානයේ පැවැත්වෙන ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සමගාමීව චීන සහ රුසියානු ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය එක්ව සංවිධානය කරන ‘ඇට්ලස් ඒන්ජල් – II’ ද්විපාර්ශ්වික පුහුණු අභ්‍යාසය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ විය.

අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාතික මට්ටමට ගෙන ඒමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යවරයා අඩ්ඩාලච්චේන සහ අක්කරෙයිපත්තුව ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ විශාල භාෂා ආකෘති (LLM) ආශ්‍රිත ආරක්ෂක දුර්වලතා පසුගිය කාලය තුළ දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ජා-ඇල, පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් ලීලානන්ද පෙරේරා මහතා විසින් රචනා කරන ලද ‘ඇත් අඩි ඉල්ලම’ කෘතිය සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය වෙත පිළිගැන්විණි.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන විපක්ෂයේ පාර්ශ්වයන් සතුව ඒ සඳහා පැහැදිලි හේතු සාධක නොමැති බව සිවිල් බුද්ධි පෙරමුණ පවසයි.