Browsing: ශ්‍රී ලංකාව

ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදාගෙන රජයට පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය හලාවත ඓතිහාසික මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ පැවති විශේෂ ආගමික වතාවත් සඳහා එක්ව සිටියාය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරක කළමනාකරණය විධිමත් කිරීමට පියවර ගෙන තිබේ.

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය සහ 2009 වසරේ තිරගත වූ ‘2012’ හොලිවුඩ් චිත්‍රපටයේ දර්ශන අතර පවතින සමානකම් පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් දැඩි අවධානයක් යොමු කර තිබේ.

මුස්ලිම් රටවල් අතර බෙදීම් ඇති කිරීමට බටහිර බලවතුන් උත්සාහ කරන බව ඉරානයේ ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි පවසයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක් ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා භාවිත කරන ෆිල්ග්‍රෑස්ටීම් ඖෂධයේ පැවති හිඟය මේ වන විට සම්පූර්ණයෙන්ම කළමනාකරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව වැලමිටි වංගුව ප්‍රදේශයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් 28 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.