Browsing: ශ්‍රී ලංකාව

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 7 දෙනෙකු අතුරුදන්ව ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධිකරණයේ නඩු කටයුතු ලබන 11 වැනිදා දක්වා කල් තබා ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රුසියාවේ දකුණු දිග වෙරළ තීරයකට යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එල්ල විය හැකි සයිබර් තර්ජන හඳුනාගැනීම සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ වැඩසටහනක් පැවැත්විණි.

හැටන් ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගිනිගත්හේන සහ කොටගල ප්‍රදේශවල පීඩාවට පත් පවුල් 24ක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරක්ෂිතව ඉවත් කර තිබේ.

නාවලපිටිය ප්‍රදේශයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සැඩ පහරට හසුවූ ලංගම බස් රථයක සිටි මගීන් පිරිසක් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් බේරාගෙන තිබේ.

2027 පිරිමි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දැරීම සිම්බාබ්වේ රටට හිමිවූ විශාල ගෞරවයක් බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.

2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචි කිරීම් කටයුතු මෙම සතිය තුළ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.