Browsing: ශ්‍රී ලංකාව

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්විණි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

2026 අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේදී බස් රථ සහ මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීය නාට්‍යකරුවකු වන විජිත ගුණරත්න විසින් ඕගස්ට් ස්ටි්‍රන්ඩ්බර්ග්ගේ සුප්‍රසිද්ධ ‘සිහින රැඟුම’ නාට්‍යය සිංහලට පරිවර්තනය කර තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් රචිත ‘සොඳුරු සැරිසර – ඉන්දියන් රේල් පීලි දිගේ’ කෘතිය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්විණි.

සෞදි අරාබියේ රියාද් නුවර කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.

පොළොන්නරුවේ මාලිමා ගොවි රැලියට කෘෂිකර්ම අමාත්‍යවරයා සහභාගි නොවීම සහ අනුරාධපුර පොහොට්ටු රැලියට වෛද්‍ය අර්චුනා එක්වීම වත්මන් දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.