Browsing: Featured

දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සතුන් ලෙස ප්‍රසිද්ධ ඔටුවන් පවා දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවී තිබෙන අධික උණුසුම නිසා බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටිති.

සාත්තු සේවා කටයුතු හුදෙක් පවුල් ඒකකයකට පමණක් සීමා වූ වගකීමක් නොව එය ජාතික ආර්ථික ප්‍රමුඛතාවයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

දිට්වා ආපදාව හේතුවෙන් බලපෑමට ලක්වූ කිරි ගොවීන්ගේ ජීවනෝපාය යළි නඟා සිටුවීම සඳහා ලෝක බැංකු ආධාර මත විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන් මාතර ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි දැරියක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ඉස්ලාම් අන්තවාදී තර්ජන පිළිබඳව ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළද, ඉහළ පෙළේ නිලධාරියෙකු එය නොසලකා හැර ඇති බව අභියාචනාධිකරණයේදී අනාවරණය විය.

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සත්ත්ව සුබසාධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පැවැත්විණි.