Browsing: Featured

ජෝර්දානයේ අකාබා කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ සුබසාධනය සහ ඔවුන්ගේ ගැටලු සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මාර්ගගත ඔට්ටු සමාගම්වල බලපෑමට ලක්ව ඇති බවට චෝදනා එල්ල වෙයි. වත්මන් පරිවර්තන කමිටුවද එම සමාගම්වලට සහය ලබාදෙන බවට විවේචන මතුව තිබේ.

න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ විමර්ශනය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමේ කලාපීය වැඩමුළුවක් කොළඹදී ඇරඹේ.

ජුරාසික් පාර්ක් සහ ද පියානෝ වැනි ලොව ජනප්‍රිය චිත්‍රපට මාලාවන් හරහා රසික හදවත් දිනාගත් ප්‍රවීණ නළු සෑම් නීල් වයස අවුරුදු 78 දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරුන් භාවිතා කරන එයාර් ෆෝස් වන් යානයට සමාන හැකියාවන් සහිත රුසියානු ‘ඩූම්ස් ඩේ’ ගුවන් යානයක් ටෙහෙරානයට පැමිණ තිබේ.

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීම සඳහා 2022 අංක 41 දරන පනතේ සංශෝධන කඩිනමින් සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නමින් කෙටි පණිවිඩ සහ වට්ස්ඇප් හරහා රථවාහන දඩ මුදල් ගෙවීමට දන්වමින් සිදුකරන මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය රියදුරන් දැනුවත් කරයි.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් සහ අධිකරණ සේවා සංගමය සිය විරෝධය පළ කරයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිටුපස කිසියම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ස්වාභාවික ආපදා අවදානම හේතුවෙන් නව ස්ථානයක ඉදිකෙරෙන දෙණියාය මූලික රෝහල සඳහා ඉන්දීය රජයේ ආධාර යටතේ වෛද්‍ය උපකරණ ලබාදීමට ගිවිසුම් අත්සන් කෙරේ.