Browsing: Featured

කුඩා තේවතු ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාර වැඩසටහන යටතේ ඉතිරිව ඇති පොහොර තොග සහ මුදල් සහනාධාර ලබාගැනීම සඳහා දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය ලබා දී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර ගණනාවක් ගතවී ඇතත්, ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්ත සචින් තෙන්දුල්කාර් තවමත් සිය ශාරීරික යෝග්‍යතාව ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි වූ සබරගමුව පළාතේ සිසුන් සඳහා නව දිනයක් ලබා දීමට පියවර ගෙන තිබේ.

රටේ අධ්‍යාපන පද්ධතියේ සිදුවන නව ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාව වෙත ලබා දීම සඳහා ‘RIES’ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.

මුලතිව් දිස්ත්‍රික්කයේ මන්තායි නැගෙනහිර සහ තුනුක්කායි ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ඉදිකළ නව ජල සම්පාදන ව්‍යාපෘතිය හෙට (28) විවෘත කෙරේ.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය සේවකයින් 60,000ක් සඳහා ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊශ්‍රායලයේ 26 වන පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමේ මහ මැතිවරණය අද පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ දේශපාලන අනාගතය මෙයින් තීරණය වනු ඇත.

හෝමාගම පොලිස් භාරයේ සිටියදී මියගිය 29 හැවිරිදි තරුණයාගේ මරණ පරීක්ෂණය අද කළුබෝවිල රෝහලේදී පැවැත්වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.