කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වන වෙස්ට්මිනිස්ටර් හවුස් හිදී ’19 වැනි සියවසේ ලංකාව’ (19th Century Views of Ceylon) නමැති සිතුවම් ප්‍රදර්ශනය පසුගියදා ආරම්භ විය. ජෝර්ජ් කීට් පදනම සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රදර්ශනය නිරීක්ෂණය කළාය. වෙස්ට්මිනිස්ටර් හවුස් පරිශ්‍රයේදී මහජන ප්‍රදර්ශනයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
එඩ්වඩ් ලියර්, ඇන්ඩෲ නිකොල් සහ කොන්ස්ටන්ස් ගෝර්ඩන් කමින් වැනි ප්‍රකට බ්‍රිතාන්‍ය කලාකරුවන් විසින් 19 වැනි සියවසේදී අඳින ලද දුර්ලභ සිතුවම් රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. පුද්ගලික එකතුවලින් ලබාගත් මෙම නිර්මාණ බොහොමයක් ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට එක් කර තිබීම කැපී පෙනේ.
ප්‍රදර්ශනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය එහි සංවිධායකයින් සහ ආරාධිත අමුත්තන් සමඟ සාකච්ඡාවක නිරත වූවාය. ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සුරැකීමේ වැදගත්කම සහ දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, කලාකරුවන් සහ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර