හරිත දේශගුණ අරමුදලේ (Green Climate Fund) නැගෙනහිර සහ දකුණු ආසියාව සඳහා වන කලාපීය සංවාදය 2026 සැප්තැම්බර් 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. පරිසර අමාත්‍යාංශය සහ හරිත දේශගුණ අරමුදල එක්ව මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.
මෙම සමුළුව සඳහා බංගලාදේශය, ඉන්දියාව, චීනය, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් 11ක නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. ජාතික බලයලත් අධිකාරීන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ පෞද්ගලික අංශයේ විශේෂඥයන් මීට ඇතුළත් වේ.
දේශගුණික විපර්යාස ආශ්රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින අභියෝග සාකච්ඡා කිරීම සහ කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. එමගින් දේශගුණික මූල්‍ය පහසුකම් ලබාගැනීම සහ විදේශ ප්‍රදාන සඳහා ප්‍රවේශය වැඩිදියුණු කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවේ.
එමෙන්ම, දේශීය ආයතනවලට තම ව්‍යාපෘති සංකල්ප ඉදිරිපත් කර සෘජු ප්‍රතීතනය ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර ගැනීමට මෙම සමුළුව මනා පිටුවහලක් වනු ඇත. ගෝලීය දේශගුණික ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ පිළිගැනීම ඉහළ නැංවීමටද මෙම සමුළුව ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර