දිවයින පුරා පවතින කසළ කළමනාකරණ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබාදීම සහ කසළ ආර්ථික වටිනාකමක් සහිත සම්පතක් බවට පත් කිරීමේ අරමුණින් ‘පිවිතුරු පුරවර’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන දියත් කෙරෙන අතර, එහි මූලික අදියර අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

මේ සම්බන්ධයෙන් පැවති මූලික සැලසුම් සාකච්ඡාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. එහිදී අදාළ දිස්ත්‍රික්කවල කසළ ගැටලු, ඒ පිළිබඳව රැස්කරගත් දත්ත සහ යෝජිත විසඳුම් පිළිබඳව දීර්ඝව සමාලෝචනය කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් සහ විශේෂඥ කමිටු සාමාජිකයන් එක්ව සිටියහ.

පළාත් පාලන ආයතනවල සක්‍රීය දායකත්වය ලබාගනිමින් ඉදිරි වසර තුනක කාලය තුළ මෙම ජාතික වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version