නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ තොගයක් මීගමුව ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. බ්‍රවුන්ස් වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය නාවික හමුදාව සහ පොලීසිය විසින් සිය භාරයට ගනු ලැබීය.

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. එහිදී බීඩි කොළ කිලෝග්‍රෑම් 234කට අධික ප්‍රමාණයක් අඩංගු පාර්සල් කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්විය.

ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් මෙම බීඩි කොළ තොගය වෙරළේ අතහැර දමා පලා ගොස් ඇති බවට සැක පළ කෙරේ. නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version