පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ පාසල් සඳහා නිවාඩු ලබාදීමට අදාළ බලධාරීන් අවසර ලබා දී ඇත.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ, විශේෂයෙන්ම හැටන් සහ නුවරඑළිය යන අධ්‍යාපන කලාපවලට අයත් පාසල් සඳහා මෙම තීරණය අදාළ වන බවයි.
ඒ අනුව, එම කලාපවල පවතින තත්ත්වය මත පාසල්වලට නිවාඩු ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමේ බලය අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇත.
කාලගුණික තත්ත්වයන් මත සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.
