පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘සරසවි මැදුර’ නේවාසිකාගාරයේ පහළ මහලේ රැඳී සිටි සිසුන් වහාම ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

අධික වර්ෂාවත් සමඟ මහවැලි ගංද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම නිසා මෙම පියවර ගත් බවත්, නේවාසිකාගාරවල සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටින අනෙකුත් සිසුන් ද පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිලිමත්ව පසුවන ලෙසත් පාලනාධිකාරිය දැනුම් දෙයි.

මේ අතර, ප්‍රදේශයට තවදුරටත් වැසි පතිත වුවහොත් මහවැලි ගංද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ඒ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version