පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
ඒ අනුව නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව එම සංවිධානය පවසයි.
විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, ගාල්ලේ නාගොඩ, කළුතර පාලින්දනුවර, මහනුවර පස්බාගේ කෝරළය සහ කෑගල්ලේ දැරණියගල යන ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී ඇත. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පස්වරු 7.00 සිට හෙට (21) පස්වරු 7.00 දක්වා බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
