මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ශක්තිමත් වී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල නිරත වන නාවික සහ ධීවර ප්‍රජාව සඳහා රතු පැහැති අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අද (21) උදෑසන 09.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24 ක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇත. මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථාපිත වී ඇති මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කාලගුණ අනාවැකිවලට අනුව, මෙම පීඩන අවපාතය හෙට (22) දිනය වන විට තවදුරටත් තීව්ර වී සැප්තැම්බර් 23 වනදා වන විට උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇත. මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල කාලගුණය ඉතා රළු විය හැකිය.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි අතර, තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි බව වාර්තා වේ. සිතියම් මගින් පෙන්වා දී ඇති ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 සිට 65 දක්වා පරාසයක පැවතිය හැකිය.
නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. දැනටමත් එම ප්‍රදේශවල රැඳී සිටින බහුදින ධීවර යාත්‍රා වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ යුතුය.
පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් වරින් වර නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර