උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නුවර සිට මත්තල දක්වා ගුවන් ගමන් වාර නැවත ආරම්භ කිරීමට සෙන්ට්‍රම් එයාර් (Centrum Air) ගුවන් සේවය කටයුතු යොදා ඇත. 2026/27 උතුරු ශීත සෘතු කාලසටහනට අනුව මෙම ගුවන් ගමන් ඔක්තෝබර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.
මෙම ගුවන් ගමන් සඳහා එයාර්බස් A320neo වර්ගයේ ගුවන් යානා යොදවා ඇති අතර, සතියකට ගුවන් වාර දෙකක් බැගින් මෙහෙයුම් සිදු කිරීමට නියමිතය. ඒ අනුව සෑම බදාදා සහ සෙනසුරාදා දිනකම ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව ඇත.
මත්තල සිට ටෂ්කන්ට් බලා ආපසු ගමන් ගන්නා ගුවන් යානා එම දිනවලම සවස කාලයේදී සිය ගමනාන්තය බලා පිටත්ව යනු ඇත. මීට පෙර 2025 ජනවාරි මාසය දක්වා මෙම ගුවන් මාර්ගයේ මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක විය.
මෙම ගුවන් සේවය නැවත ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර