යාපනය – මන්නාරම ප්‍රධාන මාර්ගයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී පොලිස් අණ නොතකා පලාගිය යතුරුපැදියකින් අතහැර දමා ගිය විශාල මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
මාර්ග බාධක රාජකාරියේ නියුතු වූ පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු යතුරුපැදි දෙකක් නවත්වන ලෙස සංඥා කර තිබේ. එහිදී එක් යතුරුපැදිකරුවෙකු තමන් සන්තකයේ තිබූ පාර්සලය එම ස්ථානයේදීම අතහැර දමා යතුරුපැදි දෙකම සමඟ පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලද එම අතහැර දමා ගිය පාර්සලය තුළ තිබී පාර්සල් 14ක් සොයාගෙන ඇත. එම පාර්සල් පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 13 යි ග්‍රෑම් 340ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 62ක් තිබී හමු වී තිබේ.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
AI illustration; not a photograph of the reported event.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර