අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වනසතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් කලාවැව ආශ්‍රිතව ‘හස්ති සේනා’ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැටලීම් සිදුකර තිබේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ මූලිකත්වයෙන් වයඹ වනජීවී කලාපය තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහිදී අලි ඇතුන් ඇතුළු වනසතුන් ඝාතනය කිරීම සඳහා යොදාගත හැකි අනවසර ගිනි අවි, මදු, හක්කපටස් සහ පතොරම් ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බලධාරීහු පවසති. අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන නීතිවිරෝධී උපකරණ සහ සැකකටයුතු ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ඉදිරියටත් අඛණ්ඩව වැටලීම් සිදුකරන බව සඳහන් වේ.
මෙම මෙහෙයුම සඳහා පරිසර අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් මෙන්ම වයඹ පළාත භාර වනජීවී අධ්යක්ෂ පුෂ්පන්ත විමලදාස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර