පිළිකා වැනි බරපතළ රෝගාබාධවලින් පීඩාවට පත්වන පුද්ගලයන්ගේ වේදනාව අවම කරමින්, ඔවුන්ගේ මානව ගෞරවය සුරක්ෂිත කර යහපත් ජීවන තත්ත්වයක් ලබාදීම අරමුණු කරගනිමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ මෙම සේවාව මෙරට ජාතික සෞඛ්‍ය පද්ධතියට විධිමත්ව ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බවයි.
සහන සත්කාර පිළිබඳ ආසියා පැසිෆික් ජාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණු අංශයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම වැඩසටහන කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති ප්‍රතිකාර අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 60 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ජාත්‍යන්තර පුහුණු වැඩසටහන සඳහා සහභාගී වී සිටිති. මෙහිදී වෘත්තිකයන්ගේ දැනුම හා ප්‍රායෝගික කුසලතා තවදුරටත් වර්ධනය කරගැනීමට අවස්ථාව සැලසේ.
ශ්‍රී ලංකාව තුළ සහන සත්කාර සේවාව විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටුවක් ක්‍රියාත්මක වේ. ජාතික සහන සත්කාර ප්‍රතිපත්තිය මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම සේවාව රෝහල්වලට පමණක් සීමා නොකර ප්‍රජා මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමටත්, නිවෙස් පාදක සත්කාර සේවා ශක්තිමත් කිරීමටත් රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. ජාත්‍යන්තර සහයෝගීතාවය ද ලබාගනිමින් රට පුරා මෙම සේවා පුළුල් කිරීම අපේක්ෂාවයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර