ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වනජීවී මධ්‍යස්ථානයක් අසල රථගාලක සිටියදී සොයාගත් රතු උරහිස් සහිත උකුස්සියෙකු (Red-shouldered Hawk) පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමු වී තිබේ. මෙම පක්ෂියාට පියාඹා යාමට නොහැකි වීම සම්බන්ධයෙන් වනජීවී විශේෂඥයින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇය අසාමාන්‍ය ලෙස තරබාරු වී ඇති බවයි.
මූලික පරීක්ෂණවලදී ඇයට කිසිදු අස්ථි බිඳීමක් හෝ බාහිර තුවාලයක් නොමැති බව තහවුරු විය. කෙසේ වෙතත්, ඇයගේ බර ග්‍රෑම් 910කට වඩා වැඩි වී තිබූ අතර, ශරීරයේ තැන්පත් වී තිබූ අධික මේද තට්ටුව හේතුවෙන් ඇයගේ පපුවේ අස්ථිය පවා ස්පර්ශ කර හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක පැවතිණි.
වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම උකුස්සිය අසල නිවසක ඇති දැඩි කළ කුකුළන් දඩයම් කරමින් දිගින් දිගටම ආහාරයට ගෙන ඇති බවයි. දිනපතාම කුකුළන් ගොදුරු කරගෙන ආහාරයට ගැනීමෙන් පසු, විවේක ගැනීම ඇයගේ පුරුද්දක් වී තිබූ අතර, සති ගණනාවක් පුරා මෙම ක්‍රියාවලිය සිදුවීම නිසා ඇය පියාඹා ගත නොහැකි තරමට තරබාරු වී ඇත.
වනජීවී විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය උකුස්සියගේ ජීවිතයටද තර්ජනයක් බවයි. පියාඹා යාමට නොහැකි වීම නිසා ඇය වෙනත් විලෝපිකයන්ගේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක්ද පවතින බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. මෙම අපූරු සිදුවීම පිළිබඳව සවුත්වෙස්ට් වර්ජිනියා වනජීවී මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු හෙළි කිරීමත් සමඟ බොහෝ දෙනා ඒ පිළිබඳව විවිධ අදහස් පළ කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර