ලබන පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දෙනා බලාපොරොත්තු වන මට්ටමට වඩා ඉහළ දස්කම් දක්වනු ඇතැයි එංගලන්ත හිටපු නායක, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සතු ස්ථාවර ක්‍රීඩක පිරිස සහ එරට පවතින ශක්තිමත් යොවුන් ක්‍රිකට් ව්‍යුහය මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වනු ඇති බවයි ඔහු පවසන්නේ. https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-8361044013842299&output=html&h=280&adk=897453053&adf=2889515240&pi=t.aa~a.168388535~i.3~rp.1&w=540&fwrn=4&fwrnh=100&lmt=1769405249&rafmt=1&armr=3&sem=mc&pwprc=2332255813&ad_type=text_image&format=540×280&url=https%3A%2F%2Fhirunews.lk%2F442781%2Fsri-lanka-will-be-the-game-changers-in-this-years-world-cup-a-prediction-from-nassar-hussain&fwr=0&pra=3&rh=135&rw=540&rpe=1&resp_fmts=3&aieuf=1&aicrs=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTUuMC4wIiwieDg2IiwiIiwiMTQ0LjAuNzU1OS42MCIsbnVsbCwwLG51bGwsIjY0IixbWyJOb3QoQTpCcmFuZCIsIjguMC4wLjAiXSxbIkNocm9taXVtIiwiMTQ0LjAuNzU1OS42MCJdLFsiR29vZ2xlIENocm9tZSIsIjE0NC4wLjc1NTkuNjAiXV0sMF0.&abgtt=9&dt=1769405249037&bpp=14&bdt=3020&idt=14&shv=r20260121&mjsv=m202601200101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D1b8142d68d9656ee%3AT%3D1769089664%3ART%3D1769405178%3AS%3DALNI_MYD8c5eRDXHTTteu0xuBgZbmL4nHA&gpic=UID%3D000011e9b7782775%3AT%3D1769089664%3ART%3D1769405178%3AS%3DALNI_MY42KpBi0T9KcnRi4HnfHFjl8ETiw&eo_id_str=ID%3Db247215d9f81c1ca%3AT%3D1769089664%3ART%3D1769405178%3AS%3DAA-AfjZl8xaZE5ygVHA7rTKzbvbS&prev_fmts=1200×280%2C0x0&nras=2&correlator=4039129468813&frm=20&pv=1&u_tz=330&u_his=4&u_h=768&u_w=1366&u_ah=720&u_aw=1366&u_cd=24&u_sd=1&dmc=4&adx=311&ady=1060&biw=1351&bih=618&scr_x=0&scr_y=0&eid=42531706%2C95379897%2C42533294%2C95344787&oid=2&pvsid=2257547620284955&tmod=1473426233&uas=1&nvt=1&ref=https%3A%2F%2Fhirunews.lk%2F&fc=384&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C720%2C1366%2C633&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&bz=1&num_ads=1&ifi=9&uci=a!9&btvi=2&fsb=1&dtd=102 පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව එකම ක්‍රීඩක පිරිසක් සමඟ රැඳී සිටියා. මම හිතන්නේ ඒ දක්ෂ ක්‍රීඩකයින්ට දැන් තම දස්කම් නිසි ලෙස ලෝකයට පෙන්වීමට සුදුසුම කාලය පැමිණ තිබෙනවා,” යනුවෙන් ඔහු පවසා සිටියා. පසුගිය ලෝක කුසලාන තරගාවලි කිහිපයකදී…
Author: Editor
ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ. ඒ අනුව පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් සඳහන් කරයි. කැරට් 24ක රන් පවුමක් මේ වනවිට රුපියල් 362,200ක් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 397,000ක් වේ. ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසුකර ඇත. එය මේ වසර අග වනවිට ඩොලර් 5,500ට වඩා ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයින් සඳහන් කරයි.
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද (26) අලුයම දිවයිනට පැමිණ තිබේ. ඔහු ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ OV- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ටාවි සමරවීර ජනවාරි මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා බහරේන්හි පැවැති තරගාවලිය ජයගනිමින් එහි රන් පදක්කම දිනාගැනීමට සමත්විය. එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා නුවර ජනවාරි 19 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ අංශයේ රන් පදක්ම ද ඔහු දිනගත්තේය. තවමත් 10 හැවිරිදි වියේ පසුවන ටාවි සමරවීර කොළඹ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ…
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පෙර පැවති සාකච්ඡාවලදී සිය යෝජනා සමග ඔහු ලිඛිතව එකඟ වූ බවත් නමුත් පොරොන්දු වූ පරිදි එය ක්‍රියාත්මක කිරීමට අපොසත්වීම නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැබඹීමට සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී සත්කාර සේවා බිඳ වැටෙන්නේ නම් ඊට සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය වන බවය, ඔවුන් සිය රාජකාරී නිසි ලෙස ඉටු කළේ නම් තමාට මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා මෙහිදී කියා සිටියේය. වෛද්‍ය වෘත්තිය, සුවිශේෂී වූ…
පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මගීන් 350කට අධික පිරිසක් රැගත් MV Trisha Kerstin 3 නම් යාත්‍රාවක් හදිසියේ ගිලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ. යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ මගීන් 332ක් සහ කාර්ය මණ්ඩලය 27ක් සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති අතර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 316 දෙනෙකු බේරා ගැනීමට කටයුතු කර තිබේ. මේ අතර අනතුරට ලක්වූවන් බේරා ගැනීම සඳහා වෙරළාරක්ෂක ගුවන් යානයක්ද පිටත් කර හැරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර…
බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් උපකරණ ද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ටිංසිංවත්ත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29 හා 43 වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. බගවන්තලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත හා SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 16ක්, ජංගම දුරකථනයක්, තරාදි 02ක්ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත. පොලීසිය පැවසුවේ සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 03කට අධික වන බවය. බම්බලපිටිය පොලිස් වසමේ රිජ්වේ පෙදෙස මාර්ගයේදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු…
අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එහි නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්සත් ජනපදයේ ගුවන් ගමන් 10,000කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇතැයිද සඳහන් වේ. එක්සත් ජනපද බලධාරීන් අපේක්ෂා කර ඇත්තේ මෙම සුළි කුණාටු තත්ත්වයෙන් අමෙරිකානුවන් මිලියන 200කට අධික පිරිසකට බලපෑම් ඇති විය හැකි බවය. මේ අතර පවතින තත්ත්වය මත එරට ප්‍රාන්ත කිහිපයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබුණි. ඒ අනුව හදිසි අවස්ථාවන්හිදි මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇති බවත්…
උතුරු, උතුරු – මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මාතර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල…
ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසු කරමින් අතිශය තීරණාත්මක වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2025 වසරේදී 60%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කළ රන් මිලේ ඉහළ යාම, 2026 වසරේ මුල් සති කිහිපය තුළද එලෙසම රඳවා ගැනීමට සමත් වුණා. අද දින පෙරවරුවේ ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල (Spot Gold) ඩොලර් 5,036.57 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇතැම් අවස්ථාවලදී එය ඩොලර් 5,043 සීමාවටද ළඟා වුණා. රන් මිලට සමගාමීව රිදී මිලද ඉහළ ගොස් ඇති අතර එය අවුන්සයක් ඩොලර් 100 සීමාව පසුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වෙන්නේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර