Author: Editor

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්රි කලගම්’ (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් ප්‍රාන්තයේ තනි විශාලතම පක්ෂය බවට පත්ව තිබෙනවා. ඉන්දීය මැතිවරණ කොමිසමේ නිල දත්තවලට අනුව TVK පක්ෂය ආසන 108ක්ද, හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් නායකත්වය දැරූ DMK පක්ෂය ආසන 59ක්ද, ADMK පක්ෂය ආසන 47ක්ද ලබා ගත් ප්‍රධාන පක්ෂ බවට පත්ව තිබෙනවා. මෙම ජයග්‍රහණයත් සමඟ එහි නායක ජෝසප් විජේ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට වැඩි ප්‍රවණතාවයක් පවතින බවයි ඉන්දීය දේශපාලන විචාරකයින් සඳහන් කර ඇත්තේ. තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ සරල බහුතරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීම…

Read More

චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අප්‍රේල් 24 සිට 26 දක්වා චෙන්නායි හි Green Meadows Resort හිදී ප්‍රථම වරට “ශ්‍රී ලංකා ආහාර උළෙල 2026” සාර්ථකව පැවැත්වීය. දින තුනක් පුරා පැවති මෙම උළෙල සඳහා 700කට අධික පිරිසක් සහභාගී වී තිබේ. දකුණු ඉන්දීය සිනමා නළු නිළියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, සංචාරක සංගම් සාමාජිකයින්, රොටරි සමාජ සාමාජිකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ. මෙම උළෙල ශ්‍රී ලංකාවේ විවිධ ආහාර සංස්කෘතිය ලොවට විදහා දැක්වීමටත්, අමුත්තන්ට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාරවල සැබෑ රසය අත්විඳීමටත් ලැබුණු අනගි අවස්ථාවක් විය. ශ්‍රී ලංකා ආහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Vels…

Read More

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබේ. ඒ අනුව ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

Read More

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට 25 වැනිදා දක්වා ගත වූ කාලය තුළ රිය අනතුරු 1,375 ක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. එහිදී, මාරක රිය අනතුරු 147 ක් සිදුවී ඇති බවත්, ඉන් පුද්ගලයන් 155 දෙනෙකු මිය ගොස් ඇති බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ. එසේම බරපතළ රිය අනතුරු 328 ක් හා සුළු අනතුරු 678 ක්ද සිදුව ඇති බවත්, අවිනීත රියදුරන් සම්බන්ධයෙන් නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මහජන ප්‍රතිචාරMost Recent

Read More

දික්වැල්ල, කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවක තිබී ගිනිඅවියක්, ටී 56 වර්ගයේ පතොරම් සහ ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත දික්වැල්ල, කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවක තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, ජීව අත්බෝම්බයක් හා ටී 56 ජිව පතරොම් 03ක් මෙලෙස සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය. එම අවිආයුධ දික්වැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසරේ දී පුද්ගලයින් 84දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 2025 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් 130ක දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව සඳහන් වේ. එම අත්අඩංගුවට ගැනීම් අතරින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියෙන් වන අතර එම සංඛ්‍යාව 30කි. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් 13 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 9 දෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වන බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය. පොලිසියට අමතරව…

Read More

දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. දකුණු කොරියාව පසුගිය වසරේ වොෂින්ටනය සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් සෝල් ව්‍යවස්ථාදායකයට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙසේ බදු ඉහළ දමා ඇති බව වාර්තා වේ. මෝටර් රථ, දැව සහ ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා මෙලෙස 15% සිට 25% දක්වා බදු ඉහළ දමා ඇති බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත. කෙසේවෙතත් මෙම බදු ඉහළ නැංවීම පිළිබඳව තමන්ට නිල දැනුම්දීමක් සිදු කර නොමැති බව පැවසූ දකුණු කොරියාව, ඒ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ කඩිනම් සාකච්ඡා පැවැත්වීම අපේක්ෂා…

Read More

දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ සහ මාතලේ යන නගරවල පිහිටි විහාරස්ථාන දෙකක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාතික වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දනා මාන සහ ආගමික කටයුතු සඳහා ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන” බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් සිදුකරනු ලබයි. ආපදා තත්ත්වය හමුවේ ආගමික සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව වාර්තා වේ. එම…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. අද (27) පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය සිකුරාදා දිනයේ මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සඳහන් කළේය. යහපාලන ආණ්ඩු සමයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පළමුවරට විමර්ශන ආරම්භ කරනු ලැබීය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු…

Read More

උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…

Read More