Author: Editor

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුනසිංහ යළි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට ඇගේ නිල කාමරයට යාම අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය. තම නිල කාමරය සභාපතිවරයා විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බවට මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් අද(02) පෙරවරුවේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මීට පෙර චෝදනා එල්ල වූයේ ප්‍රාදේශීය සභා ලේකම්වරියට පහරදීමක් සම්බන්ධයෙන්. ඉන් තුවාල ලැබූ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට මතුගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා…

Read More

මෙරට වෙරළ ප්‍රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75,000ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 376 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇත. රුපියල් මිලියන 25,206 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 1050ක් සහ රුපියල් මිලියන 47,725.00 කට අධික වටිනාකමකින් යුත් අයිස් කිලෝග්‍රෑම් 2982 ක්, දේශීය යාත්‍රා 11 ක් හා සැකකරුවන්169 දෙනෙකු සමග අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේ ය. රුපියල් මිලියන 1297ක වටිනාකමකින් යුත් විදේශීය කංසා කිලෝග්‍රෑම් 5768 ක් සැකකරුවන් 73 දෙනෙකු හා යාත්‍රා 19 ක් එම මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගෙන තිබේ. රුපියල් මිලියන 19 කට අධික වටිනාකමකින් යුත් දේශීය කංසා…

Read More

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු, දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්නාරම අධිකරණය අවසර ලබාදී තිබේ. මීට පෙර අඩම්පන් ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකටද මොහුගේ සම්බන්ධයක් ඇති බවට සැකකිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම විමර්ශනය භාරදී තිබූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගැනුණි. එම කාලය ඊයේ (02) පස්වරු 1ට අවසන් වීමට නියමිතව තිබූ බැවින්, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරු මන්නාරම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදි සැකකරු සම්බන්ධයෙන්…

Read More

පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,033.9 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයක් වන බවය. එහි සුවිශේෂීත්වය වන්නේ, හුදෙක් පොල් පිටරට අපනයනය වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමය. මේ යටතේ දියරමය පොල් කිරි, පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල්, ඇක්ටිවේටඩ් කාර්බන් සහ කොකෝ පීට් වැනි නිෂ්පාදන සඳහා ඉහළ…

Read More

ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15ක සංචිතයක් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ඊයේ (2) නම් කළේය. වසර 4කට පමණ පසු ඉකුත් ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නැවත පැමිණි හිටපු නායක 39 හැවිරිදි ග්‍රේම් ක්‍රීමර්ටද මෙම සංචිතයේ ස්ථානයක් වෙන්කර තිබීම සුවිශේෂීය. ඊට අමතරව පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටි බ්ලෙසිං මුසරබානි ද නැවත කණ්ඩායමට එක්වී සිටී. ටෙස්ට් සහ එක්දින නායක රිචඩ් ගරාවා, අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ කඩුලු රකින්නෙකු වන බ්‍රෙන්ඩන් ටේලර් ඇතුළු පිරිසක් මෙම සංචිතයට ඇතුළත්ව ඇත. සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටයේ ‘B’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ඕමානය සමගින් තරග…

Read More

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඔලගම ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක 15 වන මහලේ නාඳුනන පිරිමි පුද්ගල මළසිරුරක් ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර ඊයේ (02) දහවල් කාලයේදී මේ පිළිබඳව අනාවරණය වී ඇත. මෘතශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට එරට වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සියට පවසා සිටියේ, ඒ හේතුවෙන් පසු කම්පන 500කට වඩා ඇතිවූ බවය. භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ හි සැන් මාකෝස් නගරය අසල පැසිෆික් වෙරළබඩ නිකේතනයක් වන ඇකපුල්කෝ අසල පිහිටා තිබේ. ඒ හේතුවෙන් ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ අනෙකුත් මහාමාර්ගවල නායයෑම් කිහිපයක් වාර්තා වූ බව ප්‍රාන්ත සිවිල් ආරක්ෂක ඒජන්සිය වාර්තා කරයි. භූ කම්පනයේ අපිකේන්ද්‍රය අසල කුඩා ගම්මානයක ජීවත් වූ 50 හැවිරිදි කාන්තාවක් ඇගේ නිවස කඩා වැටීමෙන් මිගොස් ඇති බව ගුවෙරේරෝ ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත. එමෙන්ම ගුවෙරේරෝ අගනුවර වන චිල්පන්සිංගෝ හි රෝහලකට විශාලහානි සිදුවී…

Read More

2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ. ඒ අනුව මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය. කෙසේ නමුත් ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගමට ඔවුන් අබිබවා යෑමට හැකිව ඇත.

Read More

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මැතිවරණයකදී නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.

Read More

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත. ඊට අමතරව බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදුවේ. කෙසේ නමුත් හදිසි බිදවැටීම යථාවත්කර අද (3) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරයි.

Read More