අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ වයඹ පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ. මහජන ප්‍රතිචාරMost Re
Author: Editor
ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර, දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු ඊයේ (22) වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 යි මිලිග්‍රෑම් 300 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු අද (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මහජන ප්‍රතිචාර
කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් වෙත වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධ නිර්නායක ඇතුළත් චක්‍රලේඛ නිකුත් කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය 21 වනදා එම චක්‍රලේඛ නිකුත් කර ඇත. කම්කරු විනිශ්චය සභාවන්හි පවතින නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ප්‍රධාන අභිලාෂය වන අතර, එම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අදාළ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, වාර්ෂික වැටුප් වර්ධකය උපයා ගැනීම සඳහා කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් විසින් ඉටු කළ යුතු අවම නියෝග සංඛ්‍යාව පිළිබඳව තීරණයක් ගෙන ඇත. ඒ අනුව, වැටුප් වර්ධකයට අදාළ වර්ෂය තුළ හබකල නඩු සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ යුතු අවම නියෝග සංඛ්‍යාව 45ක් විය යුතු බව අධිකරණ සේවා…
අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවය. කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය සඳහන් කළේය.
සංචාරක එංගලන්ත – ශ්‍රී ලංකා අද (22) පැවැත්වෙන පළමු එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 271ක් රැස් කිරීමට සමත් වුණා. ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී යාමෙන්. ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක් හිමියි. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඇරඹුනු තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. ඒ අනුව, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93*ක්ද, දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25*ක්ද, ජනිත් ලියනගේ ලකුණු 46ක්ද, කමිල් මිෂාර ලකුණු 27ක්ද, පැතුම් නිශ්ශංක ලකුණු 21ක්ද, නායක චරිත් අසලංක ලකුණු 17ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් බවට පත් වීමට…
මීට වසර 40 කට පෙර අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ධවල පත්‍රිකාව ක්‍රියාත්මක කළේ නම්, අද වන විට දකුණු කොරියාවටත් වඩා එහා ගිය අධ්‍යාපන පද්ධතියක් ශ්‍රී ලංකාවට තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් විපක්ෂයට චෝදනා කළ ද, එය කල් දැමීමට කටයුතු කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම බවයි අද (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
එළඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර සිටින බංග්ලාදේශය, සිය තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස කළ ඉල්ලීමෙහි තවදුරටත් දැඩිව සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පැනවූ පැය 24ක කාලසීමාව අවසන් වුවද බංග්ලාදේශය සිය තීරණය වෙනස් කර නොමැති අතර, ඒ හේතුවෙන් ඔවුන්ට මෙවර ලෝක කුසලානය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-8361044013842299&output=html&h=280&adk=897453053&adf=3897886357&pi=t.aa~a.168388535~i.3~rp.1&w=540&fwrn=4&fwrnh=100&lmt=1769090117&rafmt=1&armr=3&sem=mc&pwprc=2332255813&ad_type=text_image&format=540×280&url=https%3A%2F%2Fhirunews.lk%2Fsports%2F442193%2Fbangladesh-also-stands-firm-against-the-icc-decision&fwr=0&pra=3&rh=135&rw=540&rpe=1&resp_fmts=3&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTUuMC4wIiwieDg2IiwiIiwiMTQzLjAuNzQ5OS4xOTQiLG51bGwsMCxudWxsLCI2NCIsW1siR29vZ2xlIENocm9tZSIsIjE0My4wLjc0OTkuMTk0Il0sWyJDaHJvbWl1bSIsIjE0My4wLjc0OTkuMTk0Il0sWyJOb3QgQShCcmFuZCIsIjI0LjAuMC4wIl1dLDBd&abgtt=9&dt=1769090117695&bpp=12&bdt=5772&idt=12&shv=r20260120&mjsv=m202601140101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D1b8142d68d9656ee%3AT%3D1769089664%3ART%3D1769090117%3AS%3DALNI_MYD8c5eRDXHTTteu0xuBgZbmL4nHA&gpic=UID%3D000011e9b7782775%3AT%3D1769089664%3ART%3D1769090117%3AS%3DALNI_MY42KpBi0T9KcnRi4HnfHFjl8ETiw&eo_id_str=ID%3Db247215d9f81c1ca%3AT%3D1769089664%3ART%3D1769090117%3AS%3DAA-AfjZl8xaZE5ygVHA7rTKzbvbS&prev_fmts=1200×280%2C0x0&nras=2&correlator=8179781098833&rume=1&frm=20&pv=1&u_tz=330&u_his=6&u_h=768&u_w=1366&u_ah=720&u_aw=1366&u_cd=24&u_sd=1&dmc=4&adx=311&ady=898&biw=1351&bih=618&scr_x=0&scr_y=187&eid=95379897%2C42533294%2C95372615%2C31061691%2C31061692&oid=2&pvsid=6958064606962349&tmod=1932041843&uas=3&nvt=1&ref=https%3A%2F%2Fhirunews.lk%2F442194%2Fcourt-rejects-request-by-bako-samans-wife-to-relax-bail-conditions&fc=384&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C720%2C1366%2C633&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&bz=1&num_ads=1&ifi=6&uci=a!6&btvi=2&fsb=1&dtd=44 බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල්, ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් සහ ජාතික කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් පිරිසකගේ සහභාගීත්වයෙන්පැවති විශේෂ සාකච්ඡාවකින් පසු මෙම තීරණය නිවේදනය කළා. බංග්ලාදේශයේ ඉල්ලීම වන්නේ සිය තරග ශ්‍රී ලංකාවට මාරු කරන ලෙසයි. “අපි නැවතත් ICC එකට කියන්නේ අපේ තරග…
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පැවසෙන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට ඇප ලබා දීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිදු කර ඇති කොන්දේසිය ලිහිල් කරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (22) ප්‍රතික්ෂේප කළා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත සිටින බැකෝ සමන්ගේ බිරිඳ සන්තකයේ තිබූ රත්තරන් භාණ්ඩ වල ප්‍රමාණය ලක්ෂ 84 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූවා .
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණ වංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වල නියෝගය මේ මස 30 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා. අදාළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
හිටපු ඇමැති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මඟින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රු. මිලියන 800 කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ අධිචෝදනා ගොනු කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර