Browsing: ශ්‍රී ලංකාව

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විමර්ශනය නොකළ නඩු භාණ්ඩ 43,656ක් ගොඩ ගැසී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම තත්ත්වය බන්ධනාගාර තදබදයට සහ රජයට අමතර වියදමක් දැරීමට හේතු වී ඇත.

මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී පියවරක් තබමින් පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ පාවෙන සූර්ය බලාගාරය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර ළදරු හා වැඩිහිටි ඩයපර්ස් අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 7කට නීතිමය පියවර ගෙන තිබේ.

මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2026 තරගාවලියේ නිල සුවඳ විලවුන් හවුල්කරු ලෙස කටයුතු කළ බෙවර්ලි හිල්ස් පෝලෝ ක්ලබ්, ජයග්‍රාහිකාවගේ ඉදිරි ගමනට සහය පළ කරයි.

‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී නීතිමය පියවර ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වේ.