Browsing: ශ්‍රී ලංකාව

මිනිසුන්ට පාලනය කළ නොහැකි සහ අවබෝධ කරගත නොහැකි මට්ටමේ අතිශය බුද්ධිමත් කෘත්‍රිම බුද්ධි පද්ධති නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයන් අනතුරු අඟවයි.

යේමනයේ හූති සටන්කාමීන්ගේ ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ බටහිර කලාපයේ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජෙඩා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කරයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

දුම්රිය සේවක ගැටලුවලට විසඳුම් ලබාදෙමින් පවතින අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීම අනුමත කළ නොහැකි බව සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමය පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණ දෙන අධ්‍යයන සහ සුභසාධන ගැටලු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ පහකගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කළුගඟ ජල ව්‍යාපෘතිය නියමිත කාලයට නිම කිරීමට පියවර ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ඔක්තෝබර් මස 28 වනදා කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

තේ සහ කෝපි වැනි පාන වර්ග ඉතා අධික උෂ්ණත්වයකින් යුතුව පානය කිරීම මගින් ආහාර නළයේ පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණය වේ.